සිංහල භාෂාව
|
සිංහලඅකුරු
සිංහලෙන් ටයිප්රමු √
|
|
|
කලාපය
|
|
|
ස්වදේශික
හසුරුවන්නන්
|
මිලියන
20 (date missing)
|
|
|
|
නිල තත්ත්වය
|
|
|
නිල භාෂාව වන ජාතිය
|
|
|
භාෂා කේත
|
|
ශ්රී ලංකාවේ ප්රධාන
ජාතිය වන සිංහල ජනයාගේ මව්
බස සිංහල වෙයි. අද
වන විට මිලියන
20 කට අධික සිංහල
සහ මිලියන 3කට
අධික සිංහල නොවන
ජනගහනයක් සිංහල භාෂාව
භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල
උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති
වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි.
සිංහල ශ්රී ලංකාවේ නිල
භාෂාවයි .
ප්රාග් ඓතිහාසික
යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ
ඉන්දියානු භාෂා හා
යටත් විජිත සමයේ
බටහිර භාෂා සමග
සම්මිශ්රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී
ඇත.
පටුන
- 1නිරුක්තිය
- 2ඉතිහාසය
- 3උපභාෂා
- 4කථාකරන සහ ලියන
සිංහල
- 5ස්වරශාස්ත්රය
- 6ලේඛන ක්රමය
- 7ව්යාකරණ
- 8වාග්මාලාව
- 9සිංහල යෙදුම්
- 10සාහිත්‍යය
- 11ආශ්රිත ලිපි
- 12යොමුව
- 13සටහන්
- 14තව දුර කියවීමට
- 15බැහැර පිටු
සිංහල යනු මධ්යම ඉන්දු-ආර්ය (එළු
) "සිහල" යන වචනයට
අනුරූප සංස්කෘත පදය
වේ. මෙය "සිංහ"
යන සංස්කෘත වචනයේ
ව්යුත්පන්නයක් වේ[1].
"භගවත පුරාණයෙ"හි සිංහලය,
දිවයිනේ සංස්කෘත නාමය
ලෙස සඳහන් කර
ඇත. මෙම නම සමහර අවස්ථාවලදී
"සිංහයන්ගේ වාසස්ථානය" ලෙසද හුවා
දක්වා ඇත. මෙය අතීතයේ සිංහයන්
බහුල වශයෙන් සිටින්නට
ඇතැයි යන විශ්වාසය
මත යෙදුනක් යැයි
කිව හැක[2].
සිංහල බසෙහි උප
භාෂා ලෙස තදින්
බෙදීමක් දක්නට නොහැක.
නමුත් ප්රදේශික
වශයෙන් කතා කරන විලාශය හා
ආවේනික වූ වචන හා යෙදුම්
භාවිතයේ වෙනස්කම් දැකිය
හැක. රජරට (උතුරු
මැද පළාත), රුහුණ
(දකුණු පළාත), ඌව
(උව පළාත) මෙසේ
වෙනස්කම් දැකිය හැකි
පළාත් කිහිපයකි. නමුත්
මෙම විශේෂිත යෙදුම්
හා කතා විලාශ
අනෙකුත් සිංහලයන්ට බොහෝ
විට පහසුවෙන් තේරුම්ගත
හැක.[3]
දකුණු ආසියාවේ බොහෝ භාෂාවල
දක්නට ලැබෙන දෙදිව්
වහර (කතාකරන බස
(කථික බස) සහ ලියන බස
(ලිඛිත බස) අතර ඇති පැහැදිළි
වෙනස) සිංහල භාෂාවෙහිද
විශේෂයෙන් දැකිය හැක.
|
කථික බස (කතා කරන
බස)
|
ලිඛිත බස (ලියන බස)
|
|
මම ගෙදර යනවා.
|
මම ගෙදර යමි.
|
|
අපි පන්සල් යනවා.
|
අපි පන්සල් යමු.
|
|
ඔහු ඊයෙ හිටියා
|
ඔහු ඊයෙ සිටියහ.
|
සිංහල ස්වර ශබ්ද
නැගීමේ රටාව බොහෝ
දුරට අනෙකුත් ඉන්දියානු
භාෂා වලට සමගාමී
වේ . නමුත් එම
භාෂා හා සසඳන විට සිංහලයටම
ආවේනික වූ ලක්ෂණ
කීපයක් දැ ක ගත හැක.
ඒවායින් සමහරක් නම්
සඤ්ඤක අකුරු පෙළ
එක් වීම, ඇ,
ඈ ස්වර එක්
වීම, මහා ප්රාණ අකුරු
(සංස්කෘතයෙන් ආ වචන
සඳහා) ඇති මුත්
නොමුසු සිංහල බස
සඳහා ඒවා ඇවැසි
නොවීම ආදියයි.
සිංහල ස්වර ශබ්ද නැගීම
|
ස්වරය
|
පෙර
|
මැදි
|
අපර
|
|||
|
කෙටි
|
දිගු
|
කෙටි
|
දිගු
|
කෙටි
|
දිගු
|
|
|
සංවෘත
|
ඉ
|
ඊ
|
උ
|
ඌ
|
||
|
මැදි
|
එ
|
ඒ
|
අ
|
ඔ
|
ඕ
|
|
|
විවෘත
|
ඇ
|
ඈ
|
අ
|
ආ
|
||
සිංහල ව්යංජන ශබ්ද නැගීම
|
ඕෂ්ඨජ
(Labial) |
දන්තජ/
දන්තමූලජ (Dental/Alveolar) |
මූර්ධජ
(Retroflex) |
තාලුජ
(Palatal) |
කන්ඨජ
(Velar) |
අපර
කන්ඨජ (Glottal) |
||
|
නාසික්‍ය
|
ම (m)
|
න (n̪)
|
ණ (ɳ)
|
ඤ (ɲ)
|
ඞ (ŋ)
|
||
|
ස්පර්ශ
|
අඝෝෂ
|
ප (p)
|
ත (t̪)
|
ට (ʈ)
|
ච (tʃ)
|
ක (k)
|
|
|
අඝෝෂ මහා ප්රාණ
|
ඵ (pʰ)
|
ථ (t̪ʰ)
|
ඨ (ʈʰ)
|
ඡ (t͡ʃʰ)
|
ඛ (kʰ)
|
||
|
ඝෝෂ
|
බ (b)
|
ද (d̪)
|
ඩ (ɖ)
|
ජ (dʒ)
|
ග (ɡ)
|
||
|
ඝෝෂ මහා ප්රාණ
|
භ (bʱ)
|
ධ (d̪ʱ)
|
ඪ (ɖʱ)
|
ඣ (d͡ʒʱ)
|
ඝ (ɡʱ)
|
||
|
සඤ්ඤක
|
ඹ (ᵐb)
|
ඳ (ⁿd̪)
|
ඬ (ᶯɖ)
|
ඦ (ⁿd͡ʒ)
|
ඟ (ᵑɡ)
|
||
|
ඌෂ්ම
|
ෆ (f)
|
ස (s)
|
ෂ (ʂ)
|
ශ (ʃ)
|
හ (h)
|
||
|
රකාර අර්ධ ස්වර
|
ර (r)
|
||||||
|
අර්ධ ස්වර
|
ව (ʋ)
|
ල (l)
|
ළ (ɭ )
|
ය (j)
|
|||
බොහෝ ඉන්දියානු අකුරු මාලා
මෙන් සිංහල හෝඩිය
ද පැරණි බ්රාහ්මී අක්ෂර
මාලාව මත පදනම්වී
ඇත. ක්රි.පූ. 500දී
පමණ ශ්රී ලංකාවට මෙම
පැරණි බ්රාහ්මීය
අකුරු හැඳින්වී ඇති
බව පුරාවිද්යාඥයන්
පවසන නමුත් හෙල
හවුල ප්රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල අකුරු
පෙළ, දකුණු ඉන්දියානු ග්රන්ථ අක්ෂර මාලාවට
සමීප සම්බන්ධයක් ඇති
අතර, කාදම්බ අක්ෂර මාලාවෙන්ද
ආභාෂය ලබා ඇති බව පෙනේ. [4][5]
සිංහල හෝඩියේ අකුරු
60ක් ඇති අතර ඉන් 4ක්
මෑත කාලයේ දී
ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල
භාෂාවෙහි ස්වර විශාල
ප්රමාණයක් ඇත.
සිංහල හෝඩි කීපයක්
ඇත.
1. අමිශ්‍ර සිංහල
හෝඩිය (අක්ෂර 32 කි).
වෙනත් භාෂාවක අක්ෂර
හා මිශ්‍ර නොවී පවතින
ශුද්ධ සිංහල අක්ෂර
මෙයට අයත් වේ.
2. මිශ්‍ර සිංහල
හෝඩිය (අක්ෂර 54 කි).
මිශ්‍ර සිංහල හෝඩිය වෙනත්
භාෂාවල අක්ෂර සමග
එක් වීමෙන් පැවත
එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින්
ඈඳුනු අක්ෂර).
3. නූතන සිංහල හෝඩිය
(සිංහල වර්ණ මාලාව)
(අක්ෂර 60 කි). ඉහත
සඳහන් හෝඩි දෙකටම
අයත් නොවූ මෑතකදී
සිංහල භාෂාවට එක්
වූ අකුරු අලලා
ජාතික අධ්යාපන
ආයතනය මැදිහත්ව 1989දී
මෙම හෝඩිය සකස්
කර ඇත. මෙය හෝඩියකට වඩා වර්ණ
මාලාවක් ලෙස වටහාගැනීම
යෝග්‍ය වේ.
නූතන සිංහල හෝඩිය
(සිංහල වර්ණ මාලාව)
පහත දැක්වේ.
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිංහල භාෂාවේ අක්ෂර
වින්යාසය ඉන්දියානු
භාෂාවල ඇති අබුගිඩා අක්ෂර විලාසය
අනුගමනය කෙරේ. එනම්
ශුද්ධ ස්වර සඳහා
වෙනම අකුරු පෙලක්ද,
ව්යංජන සඳහා
වෙනම අකුරු පෙලක්ද
, ව්යංජන ස්වර
ආකාරයෙන් වෙනස් කර
ගැනීම සඳහා ව්යංජන වලට
පිලි යොදා ගැනීම
ආදී වශයෙන් වේ.
නවතම අධ්යයනයන්
තුළින් සිංහලයට ආවේණික
වූ ඉලක්කම් සොයාගෙන
ඇත. ඈත අතීතයේ
සිට ම මෙම ඉලක්කම් භාවිත කොට
ඇත. මහනුවර යුගය
තෙක්ම මෙම ඉලක්කම්
භාවිත කොට ඇති බවට සාක්ෂි
ලැබේ. පසුකාලීනව පෘතුගීසි,
ලන්දේසි, ඉංග්රීසි
බලපෑමෙන් හින්දු-අරාබි
ඉලක්කම් හදුන්වා දීමත්
සමග සිංහල ඉලක්කම්
අභාවයට ගොස් ඇත.
සිංහල යුනිකොඩ් තුලට
සිංහල ඉලක්කම් ඇතුළු
කිරීමෙ යොජනාවක් ඇත.
යුනිකේත (Unicode)
සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල
බස (සිංහල යුනිකේත) ද ඇතුළත්ව
ඇත [6].
එහි ප්රතිඵලයක්
ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය
හැකි පරිදි සිංහලයෙන්
වෙබ් පිටුවක් පවත්වා
ගැනීම හෝ යමක් පළ කිරීම
තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග
සිංහල නිසි ලෙස
හැසිරවීමට සමත් වීමට
කලක් ගතවනු ඇත.
උදාහරණයක් ලෙස යංශය,
රේඵය, රකාරංශය යනාදී
අර්ධ ස්වර රූප
නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම්
මෘදුකාංග මඟින් නොතකා
හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග
තුළට ඇතුළත් කළ
යුතු කාලය එළඹ
ඇත.
සිංහල භාෂාවේ උක්තාඛ්යාත පද
සම්බන්ධය පහත සඳහන්
අයුරු බෙදේ.
- වචන භේදය (ඒක
වචන, බහු වචන)
- පුරුෂ භේදය (උත්තම
පුරුෂ, මධ්යම පුරුෂ,
ප්රථම පුරුෂ)
- කාල භේදය (අතීත,
අනතීත)
- ලිංග භේදය (ස්ත්රී, පුරුෂ, නපුංසක)
- කාරක භේදය (කර්තෘකාරක,
කර්මකාරක වැකි)
- විභක්ති
- ප්රථමා විභක්තිය
- කර්ම විභක්තිය
- කර්තෘ විභක්තිය
- කරණ විභක්තිය
- සම්ප්රදාන විභක්තිය
- අවධි විභක්තිය
- සම්බන්ධ විභක්තිය
- ආධාර විභක්තිය
- ආලපන විභක්තිය
වාක්‍ය සැදීමේදී
ඉහත සඳහන් විභක්ති
රීති යොදා ගනු
ලැබේ. අනෙකුත් ඉන්දියානු
භාෂා (උදා . සංස්කෘත,
දෙමළ, තෙලිඟු ආදී)
සමඟ සසඳන විට
කර්තෘ විභක්තිය සිංහල
බසට පමණක් සිමා
වූවක් ලෙස දැක්විය
හැක.
සිංහල පද වර්ග
පහත පෙන්වා ඇති
අයුරු බෙදේ.
- නාම පද - කිසියම් 'කෙනෙකු, දෙයක්,
තැනක්, සතෙකු හෝ යම්
ස්වභාවයක් / විලාසයක්' හඳුන්වා දීමට භාවිතා
කරන පද නාම පද
සේ සැලකේ.[7]
- ක්‍රියා පද - කිසියම්
සජීවී පුද්ගලයකු හෝ සතෙකු කරන
දෙයක්, නිරායාසයෙන් සිදුවන දෙයක්, නො
එසේ නම් ජීවියෙකුට දැනෙන
හෝ විඳින දෙයක්
හැඟවීම පිණිස යොදන පද
ක්‍රියා පද
සේ සැලකේ.[8]
- නිපාත
පද[9]
- විශේෂණ
පද[10]
- විස්තාර
පද[11]
අතීතයේ උපසර්ග පද
මුලික පද වර්ගයක්
ලෙස සැලකුවද වර්තමානයේ
එසේ නොසැලකේ. විස්තාර
පද මුලික පද
වර්ගයක් ලෙස සැලකිය
යුතු බව ආචාර්ය
ජේ. බී. දිසානායකගේ
වර්තමාන යෝජනාවකි.
පහත සඳහන් වන්නේ
සිංහලයේ නව පද නිර්මාණය හෝ අරුත වෙනස් කිරීම
සඳහා යෙදෙන විධි
ය.
නාම පද මුලින්
පමණක දී එහි අරුත වෙනස්
(අඩු, වැඩි, විරුද්ධ
) කිරීමක් උපසර්ග පද
වලින් කෙරේ. උපසර්ග
පද තද අකුරින්
දක්වා ඇත
- ප - පබල, පසිඳු
- උප - උපගුරු, උපවාර
- නි - නිදුක් , නිහඬ
පද කීපයක් විවිධාකාරයට
එක වී දෙන අරුත දියහැකි
ලෙස තනි වචනයක්
ගැලපීම හෙවත් සාධනය
සමාස නම් වේ. සමාස වර්ග
5කි. සමාස වූ පද තද අකුරින්
දක්වා ඇත.
- දකාරාර්ථ සමාසය (උදා.
පොත් ද පත්
ද - පොත්පත්)
- විශේෂණ සමාසය (උදා.
සුදු පාට මල් - සුදුමල් )
- විභක්ති සමාසය (උදා.
ගත් කරනුයේ - ගත්කරු)
- අන්යාර්ථ සමාසය
(උදා. නෙත් තුනක් ඇත්තේ
- තිනෙත් (ඊශ්වර දෙවි ))
- අව්යය සමාසය
(උදා. ඉතා මිහිරි වන්නේ
- ඉමිහිරි)
වචන දෙකක් එකට
බද්ධ වීම හෙවත්
සන්ධි වීම මගින්,
උච්චාරණයේ පහසුව පිණිස
මෙලෙස අලුත් පද
සැදීම සන්ධි කිරීම
නම් වේ. සිංහල
බසේ පද සන්ධිය
බෙහෙවින් භාවිතා වේ.
සිංහලයේ පද අතර සන්ධි වීම
සිදුවන ක්රම දහයකි.
පද සන්ධි උදාහරණ;
- වම් + අතින් = වමතින්
- ගුරු + උතුමා = ගුරුතුමා
- ග්රාම + උදය
= ග්රාමෝදය
No comments:
Post a Comment